Hybrid සහ විදුලි වාහන - පෙලගැස්ම
අපේ රටේ මීට මාස කිහිපයකට පෙර මෙම දෙමුහුන් වාහන වලට අඩු කරල තිබුන බදු නැවත ඉහල දාල තියෙනබවත් ඔබ දන්නවා ඇති. අපේ රටේ මෙනැනි වාහන වලට තවම එතරම් නැඹුරුවක් නැති නිසා ඒක එතරම් ගැටළුවක් නොවේ කියල සිතුනත්, මෙවැනි පරිසර හිතකාමී වාහන ගන්න සිතා සිටින අයට නම් ඒක ඒ අදහස අධෛර්යමත් කරන්න හේතුවීම වලක්වන්න බැරිවේවි.
දෙමුහුන් වාහන කියන්නේ මොනවාද? What is a Hybrid Vehicles?
මෙම වාහන වලට බලය සපයා ගැනීමේ මුලංශ්‍ර ලෙස අභ්‍යන්තර දහන එන්ජිමක් (mechanical energy)සහ විදුලි මෝටරයක් මගින් අරෝපන ක්‍රියවලිය සිදුකරනු ලබන නැවත ආරෝපනය කල හැකි කෝෂ පද්දතියක් (electrical energy) යන උපාංග දෙකේම සුසංයෝගයක් තමයි තිබෙන්නේ. ඊට අමතරව මෙම වාහන වල ප්‍රධාන කොටස් ලෙස දැක්වෙන්නේ:
Power split device - සරලව දක්වනවා නම් මෙමගින් තමයි එන්ජිමෙන්ද එසේත් නැතහොත් කෝෂ පද්දතියෙන් බලය ලබා ගන්න බව තීරණය කරන පද්දතිය.
Regenerative Braking system (ප්‍රතිආරෝපක තිරිංග පද්දතිය) - මෙම පද්දතිය මගින් වාහනයේ තිරිංග යෙදවීමේදී අපතේ යන තාප ශක්තිය විදුලි මෝටරයකට ලබාදී එය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකර එම බලයෙන් කෝෂ ආරෝපනය කර ගනු ලැබේ.
Inverter (අපවර්ථකය) - මෙයින් බැටරියේ DC power, මෝටරය සදහා අවශ්‍ය AC power බවට පරිවර්ථනය කරයි.
No comments:
Post a Comment